What exactly is Learn, Unlearn, and Relearn in Sinhala?
නව දැනුම පස්සේ හබාගෙන යන අය විදිහට අපි දැනගෙන ඉන්න ඕනේ concept එකක් තමයි learn, unlearn, relearn කියන්නේ. අපි බලමු මොකක්ද ඒ කියල. 🤩
Generated by Copilot AI
👑 Learn: මේ කියන්නේ අපි සාමාන්‍යන් දේවල් ඉගෙනගන්න එකට. මෙම අදියරට නව දැනුම, කුසලතා සහ උපාය මාර්ග පිළිබද දැනුම අවබෝදය ලබා ගැනීම ඇතුළත් වෙනවා. එය විධිමත් අධ්‍යාපනය, රැකියා පුහුණුව හෝ ස්වයං ඉගැන්වීම හරහා අපිට ලබාගන්න පුළුවන්.
👑Unlearn: එතකොට මොකක්ද මේ Unlearn කියන්නේ. එක හරි සරලයි. අපි දැනට හරි කියල හිතන් ඉන්න විශ්වාසයන් සහ උපකල්පන තියනවනේ. අපි කොහෙන් හරි ඉගෙන ගත්තු ඒවා වෙන්න පුළුවන්, කොහෙන් හරි අහල හෝ කියවල දැනගත්තු ඒවා වෙන්න පුළුවන්. අපි හරි කියල හිතන් ඉන්න දේවල් ඇත්තටම වැරදිනම් මොකද වෙන්නේ. අන්න ඒ වගේ අපි හිතන් ඉන්න දේවල් වැරදියි කියල සාධක එක්ක ඔප්පුවෙන තැනක් අවොත් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ ego එක පැත්තකින් තියල ඒ අලුත් කරුණ ගැන අවදානය දෙන්න. අන්න ඒ විදිහට අලුත් කරුණ ඉගෙන ගැනීම සදහා යම් කිසි දෙයක් ගැන දැනට තිබ්බ දැනුම ඉවත් කිරීම තමයි Unlearn කියන්නේ.
උදාහරණයක් විදිහට ඉස්සර දර්ශනිකයන්, තාරකා විද්යාඥයන් හිතන් හිටියේ ලෝකය පැතලි තැටියක් කියලනේ. ඒ වගේම හැම ආකාශ වස්තුවක්ම අපි වටේ තමයි කැරකෙන්නේ කියලනේ. එත් පස්සේ පස්සේ ලෝකය ගෝලාකාරයි. ඉර වටේ තමයි අපි කැරකෙන්නේ කියල සාධක එක්ක ඔප්පුවේගන එනකොට ඔවුනුත් තමන් එල්බගෙන හිතපු මතය Unlearn කරලා මේ අලුත් දැනුම සමග ඉදිරියට ගියානේ.
👑Relearn: කලින් අපි Unlearn කලානේ, දැන් අපිට පුළුවන් නැවත අලුත් දේ ඉගෙනගන්න. මෙම පියවර වන්නේ අපගේ පවතින දැනුම මත ගොඩනැගෙන සහ වැඩිදියුණු කරන යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමයි. එය අපි නැවත නැවත කරන්න ඕනේ ක්‍රියාවලියක්. Relearn කිරීම මගින් අපිට අපේ දැනුම update එකේ තියාගන්න උදව් වෙනවා.
මොනවද මේ ප්‍රවේශයෙන් අපිට තියන වාසි? 🤔
💡විවේචනාත්මක චින්තනය දියුණු වීම: යම් කිසි දෙයක් ගැන ඉගෙන ගද්දි ඒ කරුණ ඒ විදිහටම බර නොගෙන එයට අභියෝග කරමින් එම දැනුම විශ්ලේෂණය කරන්න අපි පෙලබෙනවා.
💡දැනුම යාවත්කාලින වීම: වේගයෙන් වෙනස් වන මේ ලෝකයේ, අද අපි දන්නා දේ හෙට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් යල් පැන ගිය අදහස් ඉවත් කරමින් නව දැනුම ලගා කරගැනීමට මෙය අපිට හොද අවස්ථාවක් වෙනවා.
💡පුද්ගලික පරිවර්තනය: මෙලෙස පැරණි දැනුම ඉවත් කරමින් නව දැනුම සමග ඉදීරියට යාමේදී අපගේ අත්දැකීම් හැඩගස්වා ගැනීමට අපිව හුරු වෙනවා.
💡කුතුහලය: නව දැනුම සොයා යාමට ඇති කුතුහලය වැඩි වෙන එකත් මේකෙන් වෙනවා. ඒ කුතුහලය නිසාම අපි දැනට නොදන්නා පති ගොඩක් ගැන දේවල් අපිට අලුතෙන් ඉගෙනගන්නත් පුළුවන්.
ඉතින් මේ විදිහට යල් පැන ගිය දැනුමේ විලංගුවලින් මිදිලා නව දැනුම සමග ඉදිරියට යන්න මත හැමෝටම සුබ පතනවා.එහෙනම් ජය වේවා. මේ වගේ තව කතාවකින් ඉක්මනින් හමුවෙමු. 😊📚