හරියට optimize කරල නෑ, වෙලාවකට සෑහෙන වෙලාවක් load වෙනව, ඉන්නෙ කිසි ආතල් එකක් නැති කම්මැලි පොරව්ල් ටිකක්. ඔහොම හිතෙනවනෙ ඕන කෙනෙක්ට. එහෙම හිතුවොත් පොඩි සාධාරණත්වයකුත් නැත්තෙම නෑ.
ඒත්. පොඩ්ඩක් මේ විදියටත් හිතන්න ගන්න.
Facebook, Insta, TikTok. ඔයවගේ apps ඔයා හරියට පාවිච්චි කරානම්, Job එකක් හොය හොයවත් professionalize වෙන්න වත් LinkedIn මත්තෙ නැහෙන්න උවමනාවක් නැහැ ඇත්තටම.
ඒත් එහෙම කරල නැහැනෙ. ඒනිසා මේ පාරෙන්වත් පොඩ්ඩක් ගොඩයන විදියක් try කරල බලමුද?😄
ඔක්කොටම කලින් මොකක් හරි කරන්න යද්දි ඒකෙ ප්රොයෝජනයක් තියෙනවද කියල බලන්න එපැයි. නැත්නම් ඒකට වෙන්කරන කාලය නාස්තියක් විතරනෙ.
මොනවද එහෙනම් LinkedIn profile එක හරියට හදාගැනීමෙන් ලැබෙන වාසි.🤔
1. හැමෝම හන්න දේ. Job එකක් හොයාගන්න එකේ පහසුව.
LinkedIn platform එකෙන් දැන් companies විශාල ප්රමාණයක් Job Hunt කරනව. ඒනිසා රැකියාවක් හොයන කෙනෙක්ට මේ platform එක බොහොම වටිනව.
2. අමතර ආදායම් මාර්ගයක් ලෙස.🤑
මේක ගොඩක් අය හිතලවත් නැති දෙයක් වෙන්න පුලුවන්. මොකද අනික් social media platforms වගේ මේකෙ විශාල විවිධත්වයක් බොහෝ අය දැකල නැතිවීම.
නමුත් LinkedIn හරහා මිනිසුන් විශාල වශයෙන් මුදල් හම්බකිරීමේ යෙදෙනව.
උදාහරණයක් ලෙස LinkedIn වල Followers ප්රමාණය වැඩිකරගන්නෙ කොහොමද කියන එක පවා විකුණන පිරිසක් ඉන්නව. ඒක LinkedIn Consulting කියල හදුන්වන්න පුලුවන්.
ඒවගේම,
- Educational materials
- Advertistements
- Promotions
වගේ දේවල් හරහාද ආදායම් මාර්ග හදාගත් පුද්ගලයින් ඉන්නව.
ඉතින් කොහොමද වැඩේ පටන්ගන්නෙ? 🤓
මුලින්ම කරන්න ඕනෙ දේ තමයි, ඔයාගෙ account එක open account එකක් කරන එක. එතකොට තමයි ඔයාට,
- newsletters
- pages
- companies
හදල ඔයාව promote කරගන්න පුලුවන්. ඒවගේම ඔයාගෙ account එකේ ඔයාට ඉන්න followers count එක පේන්න ගන්නව.
ඉතින් LinkedIn account එකේ Resources section එකට ගිහිල්ල ඒ setting එක වෙනස්කරගන්න.
Post කරන්නෙ කොහොමද. ඒකෙ Secrets මොනවද?🤠
LinkedIn posting කියන්නෙ අනිවාර්යයෙන්ම ප්රගුණ කලයුතු දෙයක්. හරියට ඉගෙනගත්තොත් හොද follower base එකක් හදාගන්න එක පොඩි වැඩක්.
ඉතින් පටන්ගන්නකොටම හැමදේම පුලුවන් වෙන්නෙ නෑනෙ. ඒනිසා පොඩියට පටන්ගමු.
දවසකට මිනිත්තු 15 LinkedIn එක ගොඩදාන්න වෙන්කරමු. ඒ හොඳටම ඇති.
- හැමදාම එක post එකක් හරි දාන්න. එක්කො වෙන එකෙක් දාන එකක් Repost හරි කරන් යන්න.
- දවසකට වෙනත් අයගේ post 5 කට comment කරන්න.
හැබැයි “great”, “much needed”, “awsome” ඔන්න ඔයවගේ වැඩකට නැති comments නැතුව ටිකක් දිග එකක් දාන්න. බැරිමනම් chatgpt වලින් හරි ඉල්ලල එකක් දාන්න.
15 minutes ගන්න කීවෙ ඒ නිසයි.
තවත් ගොඩක් වැඩ කරන්න පුලුවන්. උවමනාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් එක්කෙනෙක් හරි, 🤓 ඔයාගෙ email එක comment කරන් යන්න.
එහෙම අවුල් වගේනම්, direct message එකක් හරි දාගෙන යන්න. මම මගේ weekly newsletter එකේ ගොඩක් දේවල් විස්තර ඇතුව කියල දෙනව. ඔයාවත් ඒකට add කරන්න පුලුවන්.
තවත් අයට මේක දැනගන්න ඔයාට පුලුවන් තරමින් Like එකක් Share පාරක් එහෙම දාගෙන යමු. ❤
මටත් කරන ලොකු උදව්වක් ඒක.
එහෙනම් තවත් මෙවන් වැඩකින් යිලිත් හමුවෙමු.